CD හෝ DVD ධාවකයේ වැරදි නිවැරදි කිරීම

                                           
 ***මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ CD හෝ DVD ධාවකයේ ඇති විවිධ දෝෂ මග හරවා ගන්නා විධි ගැන පොඩි දැනුමක් ඔයගොල්ලන්ට දෙන්නයි.***ඔබේ හෝ වෙනකෙනෙකුගේ පරිගණකයේ CD හෝ DVD ධාවකයේ කිසිදු දෝෂයක් නැති නම් පරිගණකය ON කරන විට CD හෝ DVD ධාවකයේ ඉදිරිපස ඇති කොළ පාට බල්බය දැල්වී ටික වෙලාවකින් නිමී යයි...මෙසේ බල්බය දැල්වෙන්නේ නැති නම් ඔබේ ධාවකයේ දෝෂයක් තිබේ...ඔබේ ධාවකය ක්‍රියා කරන්නේ නැති නම් පහත ඇති දේ නිවැරදිව සම්බන්ධ 
කර ඇති දැයි බලා වැරදි නම් ඒවා නිවැරදි කර ඔබේ ධාවකය දිගු කලක් භාවිතා කිරීම සදහා රැක ගන්න.***


මෙන්න දෝෂ...***



            CD හෝ DVD ධාවකයේ බල්බය නොදැල්වෙන විට,*


 ඔබ මුලින් ම කල  යුත්තේ ඔබේ පරිගණකයේ CD හෝ DVD ධාවකය Power Cable හා deta Cable එක සවි වී ඇති ද බැලීමයි...ඔබේ පරිගණකයේ CD හෝ DVD ධාවක කිහිපයක් සවි කර ඇත්නම් ඔබට වෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු  වෙනවා...ඔබේ CD හෝ DVD ධාවකයේ Jumper කියා කොටසක් දක්නට ලැබේ ...එමගින් කරන්නේ ඔබේ පරිගණකයට වැඩි ගණනක් CD හෝ DVD ධාවක සවි කර ඇත් නම් ඒවා ක්‍රීයාකිරීමටයි...ඔබේ පරිගණකයේ Cable එකේ Master හා Slave යන්න ලියා තිබෙනවා...එමගින් කරනු ලබන්නේ ඔබේ CD හෝ DVD ධාවකය නිවැරදිව ක්‍රීයා කිරීමටයි.***




    CD හෝ DVD ධාවකයේ බල්බය දැල්වෙන නමුත් CD හෝ DVD ධාවකය ක්‍රියා නොකිරීම,*

                      ***ට්‍රේ එක එලියට නොපැමිණීම,***


මෙය සිදු වන්නේ ධාවකයේ ඇතුලත් දෝෂයකි...මූලිකවම ඔබ Disk එක මතට නිවැරදිව නොතබා ට්‍රේ එක 
ධාවකය ඇතුලට තල්ලු කිරීම නිසා සිරවී ඇත් දැයි බැලිය යුතුය...සමහර ධාවක ස්‌වයංක්‍රීයව පිටත පැමිණේ..
ඔබේ ධාවකය ඉහත ආකාරයට සිරවී ඇත්නම් කල යුත්තේ මෙයයි..CD හෝ DVD ධාවකයේ ඉදිරිපස කොටසේ කුඩා සිදුරක් දක්නට ලැබේ...ඉතා සවිමත් කම්බියක් යොදාගෙන ධාවකයේ ට්‍රේ එක පිටතට ගන්න...එවිටත් එය මග හැරෙන්නේ නැතියි නම් ධාවකය ගලවා ඉවත් කර අලුත්වැඩිය කර ගන්න...***


 *Disk එක ඇතුල් කල පසු  CD හෝ DVD ධාවකයට ඇතුල් කර නැතැයි පණිවිඩයක් ලැබීම,*


මින් කිය වෙන්නේ Disk එක ධාවකය හදුනා නොගත් බවයි...එයට බලපාන කරුණු 2 කි...***



  *  CD හෝ DVD ධාවකයේ Read Head(රීඩ් හෙඩ් )එක ක්‍රියා නොකිරීම,*



පිළිතුරු ...


  මෙවැනි විටකදී ඔබට Head Clean CD එකක් මිලදී ගෙන පිරිසිදු කර ගැනීමයි...එවිටත් එම දෝෂය තිබේ නම් අලුතින් Read Head එකක් මිලදී ගැනීමයි...***



  *  CD හෝ DVD ධාවකය තුල ඇති මෝටරය ක්‍රියා විරහිත වීම ,*



පිළිතුරු ...


  මෙම කරුණ මතු වන්නේ Disk එකක් කරකැවීමට අවශ්‍ය වේගය නොමැති වීමෙණි...CD හෝ DVD ධාවකය කලක් තිස්සේ භාවිතා නොකිරීම හේතුවෙනි...CD හෝ DVD ධාවකයට සෙමින් තට්ටු කර බොහෝ 
විට මෙම දෝෂය මගහරවා ගත හැක...***


       වෙනත් ධාවකවල වැඩ කරන Disk ඔබේ ධාවකයේ වැඩ නොකිරීම.*



  ගොඩක් කාලයක් තිස්සේ CD හෝ DVD ධාවකය පාවිච්චි කරන විට Reading Head එකේ සංවේදීතාව අඩුවේ...එවිට සියලු Disk එකසේ Read කරන්නේ නැත...ඔබට අලුතින් Read Head එකක් සවි කිරීමෙන් මෙම දෝෂය වලකා ගත හැක...***



       මම තව Post එකක් දානකන් ඔයගොල්ලන්ට වැඩි වැඩියෙන්                  ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...***

මම කියන්නේ ඔයාලා මගේ බ්ලොග් එකට Join වෙලා මට පොඩි   සහයක් දෙන්න........***

Previous
Next Post »